අප ගැන

කටුගම්පල ආයුර්වේදය

කටුගම්පල වෙද මැදුර යනු මත්තෙගොඩ ප්‍රදේශයේ වසර සිය ගණනක සිට පාරම්පරිකව පැවත එන ප්‍රසිද්ධ දේශීය ආයුර්වේද ප්‍රතිකාර මද්‍යස්ථානයකි. පාරම්පරික දැනුම උපයෝගි කරගනිමින් ශාකසාර අනුසාරයෙන් ප්‍රතිකාර කරනු ලබයි

ඉතිහාසය

පරම්පරාවෙන් පැවති විශ්වාසය...

ඉතා ඈත අතිතයකට හිමිකම් කියන වෙද පරම්පරා දෙකක් එකට එකතු වීමෙන් වර්ථමාන කටුගම්පල වෙද පරම්පරාව සෑදී ඇත.. ඒ වර්ෂ 1900 මුල් භාගයේදි තෝමස් පිරීස් කටුගම්පල වෙද මහතා සහ ලියනෝරා මොරවක වෙද හාමිනේ අතර සිදු වූ විවාහයත් සමගයි.. එකල ලියනොරා මොරවක වෙද හාමිනේ මත්තේගොඩ ප්‍රදේශයේ දක්ෂ වෛද්‍යවරියක් ලෙස ප්‍රකටම සිටියාය.

Experts
0
Happy Clients
0 +
Offers
0 +
Private Rooms
0

අපගේ වෛදවරුන්

ආරම්භය
dbg katugampela

වෛද්‍යාචාර්ය ඩී.බී.පී කටුගම්පල

අප වෙද පරපුරේ ප්‍රදානතම වෛද්‍යවරයෙක් වූ මෙතුමා සිය මවගෙන් හා පියාගෙන් වෙදකම ඉගෙන ගෙන වෛද්‍ය වෘත්තීයට ප්‍රවිශ්ට විය.. කටුගම්පල වෙද මහතා නමින් ඉමහත් ජනප්‍රියත්වයට පත් මෙතුමා වසර 40 අදික කාලයක් පුරාවට දහස් ගණනින් රෝගී වූ ජනතාව සුවපත් කරන්නට විය.. කැඩුම් බිදුම් ,සන්දි රෝග.ස්නායු රෝග. සර්ප විෂ ගෙඩිවණ සදහා දක්ශයෙකු විය .මෙතුමා 1983 වසරේදි රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයක් බවට පත් විය.

වර්ථමානය
bk katugampela

වෛද්‍යාචාර්ය බි.කේ කටුගම්පල

වර්තමානයේ කටුගම්පල වෙදමහතා නමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නෙ මෙතුමාය.. කුඩා කාලයේ සිට සිය පියාගෙන් වෙදකම ඉගෙන ගත් මෙතුමා 1994 දි රජයේ ලියාපදිංචි ආයූර්වේද වෛද්‍යවරයෙක් බවට පත් විය..දිවයිනේ නන්දෙසින් විශාල රෝගින් පිරිසක් ඔහු කරා පැමිණෙයි..වසර 30කට අදික පළපුරුද්දක් ඇති මෙතුමා කැඩුම් බිදුම් ,අවසන්දි වීම්, කොදු ඇට පෙලෙහි ආබාධ,සන්දි රෝග සදහා දක්ෂයෙකි..

nadun katugampoala

වෛද්‍ය නදුන් කටුගම්පල

ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් ආයූර්වේද ශාස්ත්‍රය හදරා (2014-2019)..සිය පියා යටතෙ හිදිමින් සිය පාරම්පරික වෙදකමද හදාරා ඇත.. 2023 වසරේදි රජයේ ලියාපදිංචි ආයූර්වේද වෛද්‍යවරෙක්‍ බවට පත් විය

nirodha dahanayaka

වෛද්‍ය නිරෝධා දහනායක

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයෙන් ආයූර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය ලබා ගෙන (2017-2023). සිය පියා යටතෙ හිදිමින් පාරම්පරික වෙදකමද හදාරා ඇත..2025 වසරේදි රජයෙ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් බවට පත් විය

කටුගම්පල වෙද මැදුරේ වෙනත් ශාඛා කිසිවක් ලංකාවේ කිසිදු තැනක නොමැත..එමෙන්ම කටුගම්පල වෙද පරපුරෙ කිසිදු වෛද්‍යවරයෙක් කටුගම්පල වෙද මැදුරේ හැර වෙනත් කිසිදු තැනක ප්‍රතිකාර කරන්නෙ ද නැත...

කටුගම්පල ඖෂධ උද්‍යාන

අප වෙද මැදුරේ සිදු කරන ප්‍රතිකාර සදහා ඖෂධ සැකසීමට ශාක අමුද්‍රව්‍ය ලබා ගන්නා වෙද මහතාට අයත් ඖෂධ උද්‍යාන දෙකක් මත්තේගොඩ සහ පිටිපන යන ප්‍රදේශවල පිහිටා ඇත
වෙද මහතාගෙන් ඉගෙනුම ලැබූ කොළඹ සහ ගම්පහ විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන් ලබා දුන් සිහිවටන